මාලිංගට අවසන් අවස්ථාවක් හිමිවෙයි?

මාලිංගට අවසන් අවස්ථාවක් හිමිවෙයි?

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක සඳහාද ලසිත් මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබාදීමට ක්‍රීකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි වාර්ථාවේ.

ඒ අනුව එම තරගාවලිය මාලිංගගේ නායකත්වය මැන බලන අවසන් තරගාවලිය වනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වන අතර 36 හැවිරිදි ලසිත් මාලිංගගේ ශාරිරික යෝග්‍යතාව සම්බන්ධයෙන් වත්මන් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ද වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඔහුට කිලෝ 10 කට අඩු සංඛ්‍යාවක් බර අඩු කර ගැනීමටද උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මාලිංගට එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීමට නම් කොදෙව් තරගාවලිය සාර්ථකව මෙහෙය විය යුතු වේ.

2019 වසරේ සිට ලසිත් මාලිංග නායකත්වය ලබාදුන් විස්සයි විස්ස තරග 13 කින් තරග 12 ක්ම පරාජය වී ඇති අතර ජය ලබා ඇත්තේ තරග එකක් පමණි.

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය ලබන ඔක්තෝම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙ අතර ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කර ගැනීම සහ එකම කණ්ඩායමක් දිගටම ක්‍රීඩා කරවීමේ සංකල්පයක් ක්‍රීකට් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් තුළ තිබේ.

නමුත් එකම කණ්ඩායම එක දිගට පරාජයට පත්වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේදී කොදෙව් සංචාරය ලෝක කුසලානට පෙර හොඳ තෝතැන්නක් බවට පත්ව ඇත.

මාලිංගට නායකත්වය ලබා නොදුනහොත් ඇන්ජලෝ මැතිව්ස් හෝ දසුන් ශානක කෙරෙහි ශ්‍රී ලංකා තේරීම් කමිටුව අවධානය යොමු කළද ඒ සම්බන්ධයෙන්ද ඔවුන් මේ වන විට දෙගිඩියාවකින් පසුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *