sri padaya

සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව සිරි පා මළුව වෙත වැඩම කරවීම අරඹයි

2023– 2024 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භයට සමගාමීව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීම ආරම්භ කර තිබේ.

සතර පෙරහැරක් ඔස්සේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව උඩ මළුව දක්වා වැඩම කරවීම අද (25) අලුයම ආරම්භ වීමට නියමිතය.

හෙට (26) අලුයම වන විට ඒවා ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීමෙන් පසු 2023– 2024 ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වීමට නියමිතය.

දෙරණ මාධ්‍ය ජාලය මෙවර ශ්‍රී පාද වන්දනාවාරය සඳහා අනුග්‍රහය දක්වන අතර උඳුවප් පෝදා ටීවි දෙරණ සජීවී විකාශය ද ශ්‍රී පාදාස්ථානයේ සිට ගෙන ඒමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *