Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

අසිරිමත් නත්තල සැමරෙන අද (25) දිනයේත් දිවයිනේ සියලු ‍දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මෙලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති නම් 011 247 27 57 යන විශේෂ අංකය හරහා පොලිස් මූලස්ථානයට දැනුම්දීමක් සිදුකළ හැකි බවය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේය.

ඊට අමතරව බීමත් රියදුරන් සහ සාමය කඩවන ආකාරයේ ක්‍රියාකාරම් සිදුකරන පාර්ශව අත්අඩංගුවට ගැනීම සඳහා අද දිනයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර මෙවර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 1,004 දෙනෙකු අද විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කෙරෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා ප්‍රකාශ කළේය.

අද දිනයේත් මීට පෙර ප්‍රකාශයට කළ පරිදි විශේෂ දුම්රිය ගමන්වාර සහ අවශ්‍යතාව පරිදි බස් රථ ගමන්වාර ධාවනයට එක්කර ඇති බව ප්‍රවාහන බලධාරීන් පවසයි.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්. ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේ, උත්සවය සමය අවසන් වන තෙක් මෙම විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වන බවය.

දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් පමණ යෙදවීමට නියමිත අතර අද දිනයේත් අවශ්‍යතාව පරිදි බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස මහතා ප්‍රකාශ කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *