කළුබෝවිල රෝහලට බෙහෙත් ගැනීමට ආ රෝගියාට කොවිඩ්

වෙනත් රෝග ලක්ෂණ ගැන පවසමින් කළුබෝවිල රෝහලට ඇතුළත්වී 7 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු, PCR පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ රෝහලේ 7 වැනි වාට්ටුව වසා එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් නිවෙස් වෙත යැවූ බවත් එම පුද්ගලයින්ට නිවෙස්වල නිරෝධායනය වන ලෙස උපදෙස් දුන් බවත්ය. තවද එම වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් නිරෝධායනය කිරීමට කටයුතු කළ බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

කොරෝනා ආසාදිතයා කොළඹ IDH රෝහලට යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *