සජිත් විසින් ඩයනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් වූ ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය ඉකුත් සිකුරාදා (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බවත්, එම මන්ත්‍රීවරිය පක්ෂයේ සියලු වගකීම්වලින් ඉවත් කෙරෙන බවත් විපක්ෂ නායක මාධ්‍ය ඒකකය අනාවරණ කරයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් 20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම හේතුවෙන් ඇයට එරෙහිව මෙම පියවර ගෙන ඇත.

ඩයනා ගමගේ මන්ත්‍රිනිය එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය සමඟි ජන බලවේගයේ නායකයාට පැවරීමට ඉකුත් සිකුරාදා රැස් වූ එම පක්ෂ විධායක සභාව ඒකමතික අනුමැතිය පළ කර තිබිණි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *