Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

35ක් සටනට : 6ක් ඉවතට – නාමයෝජනා බාරදුන් අය මෙන්න (වීඩියෝ සහිතයි)

35ක් සටනට : 6ක් ඉවතට – නාමයෝජනා බාරදුන් අය මෙන්න (වීඩියෝ සහිතයි)

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (7) සිය නාමයෝජනා භාර දී තිබේ. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41ක් ඇප මුදල් තැන්පත් කළ නමුත් අද නාමයෝජනා බාරදෙනු ලැබුවේ 35 දෙනෙක් පමණි. ඉන් 6 දෙනකුම ස්වකැමැත්තෙන් ඉවත්වී ඇති අතර අපේක්ෂකයන් දෙදෙනකුට පමණක් විරෝධතා ගොනු කිරීමට ලබාදුන් කාලයේදී විරෝධතා ලැබී තිබුණද ඒවා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම තීන්දු කළේය.

ඒ අනුව ඇප මුදල් තැන්පත් කළ චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහීපාල හේරත්, ජයන්ත ලියනගේ, බෂිර් සේගු දාවුඩ්, ගුණපාල තිස්සකුට්ටිආරච්චි යන අය සිය නාමයෝජනා බාර දුන්නේ නැත. ජනපතිවරණයට පෙර ඊට ඉදිරිපත්වන බව කියමින් සිටි නාගානන්ද කොඩිතුවක්කු ද ඇප මුදල් තැන්පත් නොකළ අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණට සහාය දෙන බව පැවසීය.

ඒ අනුව පහත අපේක්ෂකයින් 35 දෙනා මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වනු ඇත.

කැටගොඩගමගේ ජයන්ත පෙරේරා – ස්වාධීන

සිරිපාල අමරසිංහ – ස්වාධීන

අජන්තා විජේසිංහ පෙරේරා – ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය

අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි – ස්වාධීන

වැලිසරගමගේ සමන් ප්‍රසන්න පෙරේරා – අපේ ජනබල පක්ෂය

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ආරියවංශ දිසානායක – ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ

සිරිතුංග ජයසූරිය – එක්සත් සමාජවාදී පක්ෂය

වර්ණකුලසූරිය මිල්රෝයි සර්ජියස් ප්‍රනාන්දු – ස්වාධීන

බැද්දේ ගමගේ නන්දිමිත්‍ර – නව සමසමාජ පක්ෂය

නම්බුනාම නානායක්කාර අක්මීමන පල්ලියගුරුගේ වජිරපානි විජේසිරිවර්ධන – සමාජවාදී සමානතා පක්ෂය

සරත් මනමේන්ද්‍ර – නව සිහළ උරුමය

පල්ලේවත්ත ගමරාලලාගේ රොහාන් පල්ලෙවත්ත – ජාතික සංවර්ධන පෙරමුණ

අනුර කුමාර දිසානායක – ජාතික ජන බල ව්‍යාපාරය

චන්ද්‍රෙස්කර හේරත් හිටිහාමි කෝරලලාගේ සමන්සිරි හේරත් – ස්වාධීන

වැලේරා කීර්තිරත්න මුදියන්සේලාගේ සරත් විජිතකුමාර කීර්තිරත්න – ස්වාධීන

පොල්ගම්පොල රාලලාගේ චමින්ද අනුරුද්ධ – ස්වාධීන

සමරවීර වීරවන්නි – ස්වාධීන

අශෝක වඩිගමංගාව – ස්වාධීන

ඒ.එස්.පී.ලියනගේ – ලංකා කම්කරු පක්ෂය

බත්තරමුල්ලේ සීලරතන හිමි – ජනසෙත පෙරමුණ

සජිත් ප්‍රේමදාස – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

ඉල්ලියාස් අයිද්රූස් මොහොමඩ් – ස්වාධීන

විජේනායක කංකානම්ගේ පියසිරි විජේනායක – ස්වාධීන

දුමින්ද නාගමුව – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

රජීව් විජේසිංහ – ස්වාධින

මහේෂ් සේනානායක – ජාතික ජනතා පක්ෂය

අරුණ ද සොයිසා – ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය

අජන්ත ද සොයිසා – රුහුණු ජනතා පෙරමුණ

ප්‍රියන්ත මුණිහත් එදිරිසිංහ – ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු

නාමල් රාජපක්ෂ – ජාතික සමගි පෙරමුණ

එම්.කේ.සිවාජිලිංගම් – ස්වාධින

එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා – ස්වාධීන

අහමඩ් හසන් මොහොමඩ් අලවි – ස්වාධීන

සුබ්‍රමනියම් ගුණරත්නම් – අපේ ජාතික පෙරමුණ

ප්‍රධාන අපේක්ෂකයන් නාමයෝජනා බාරදුන් අයුරු – වීඩියෝ : gossiplankanews.com ඇසුරිනි

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *