සංචාරකයින්ගේ පැමිණීම දෙමසක් වත් නවත්වන්නැයි රජය වෙත ඉල්ලීමක්

මෙරටට සංචාරකයින් පැමිණිම හැකි විගසින් නතරකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරුන්ගේ ආයතනයේ හිටපු සභාපති ජෝ ලිවේරා මහතා පැවසයි.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ අඩු තරමින් මාස දෙකක කාලයක්වත් කිසිදු සංචාරකයකු මෙරටට ගෙන්වා නොගන්නා ලෙසයි. සංචාරකයින් සමඟ සමීපව ගැවසෙන්නේ සංචාරක මාර්ගෝපදේශකයින් වන තමන් ඇතුළු පිරිස බවත් මෙවැනි තීරණයක් ගැනීමෙන් ඒ සියලු දෙනාට පෞද්ගලිකව රැකියාවලට බලපෑම් හා දුෂ්කරතා එල්ල වන නමුදු මෙවැනි හදිසි අවස්ථාවකදී සමස්ථ රටම අනතුරට ලක් කීරීමට නොහැකි බැවින් මෙම තීරණය ගන්නා ලෙසට රජයෙන් රජයෙන් මෙම ඉල්ලීම කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු මේ අදහස් පළකලේ ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශන ආයතනයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *