අද හවස 4ට පෙර අධිකරණයේ පෙනී සිටින ලෙස රවී ඇතුළු 4කට නියෝග

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද (13) පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝග කර සිටී.

එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබූ අතර අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුවට අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද එම තීන්දුව තුලින් සඳහන් වුණි.

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා රවී කරුණානායක මහතා, අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරු විසින් මෙම නියෝගය කළේය. මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 17 වනදා තෙක් කල් තැබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *