ඉන්දියාවේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණේ

ඉන්දියාවේ සිරවී සිටි තවත් 163 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද මෙරටට පැමිණියා. එම පිරිසෙන් බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියායට ගිය අයයි. මීට අමතරව පුහුණුව සඳහා ගොස් සිටි හමුදා සමාජිකයන් කිහිප දෙනෙකුද ඒ අතරවනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 144 දරණ යානයෙන් මෙම පිරිස මෙරටට පැමිණි අතර ගුවන් තොටුපළෙදී කෙරුණු මූලික පරීක්ෂා කිරීම්වලින් අනතුරුව ඔවුන් සියලූ දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත්කර හැරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *