Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කිලෝ දසලක්ෂයක භාණ්ඩ ප්‍රවාහනය කරයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කිලෝ දසලක්ෂයක භාණ්ඩ ප්‍රවාහනය කරයි

ගුවන් මගීන් ප‍්‍රවාහනය තාවකාලිකව අත්හිටවා ඇති පසුබිමක, මේ වනවිට තමන්ගේ ප‍්‍රධාන අදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය බව ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන අංශයේ ප‍්‍රධානී චාමර රණසිංහ මහතා පැවසීය. ඒ ඊයේ (28) දිනයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

නව අත්දැකීමක් වූ මෙම ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය තමන්ට අභියෝගයක් වුවත් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යය මණ්ඩලය එම කර්තව්‍යය මහත් වගකීමෙන් යුතුව ඉටු කරන බවත් ඔහු පැවසීය.

පසුගිය මාර්තු 12 දින මගී ගුවන් කටයුතු තාවකාලිකව අත්හිටුවීමෙන් පසු ඊයේ (28) දිනය දක්වා ගතවූ කාළය තුළ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් ගමන් වාර 50කින් කිලෝ ග්‍රෑම් දශ ලක්ෂයක් බර භාණ්ඩ තොග ගුවන් මගින් ප‍්‍රවාහනය කර ඇති බවත් එම භාණ්ඩ වලින් 55% ක්ම පළතුරු, එළවළු සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වූ බවත් ඔහු පැවසීය.

අදාළ භාණ්ඩ ඩුබායි රාජ්‍ය, සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා, මාල දිවයින යන ගමනාන්ත වෙත ප‍්‍රවාහනය සිදු කර ඇති බවත් මෙමගින් අපනයන කටයුතු ඉහළ ගොස්, ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයටද ශක්තියක් වන බවත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *