ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 31 දෙනාගෙන් 21ක් නාවික හමුදා සාමාජිකයින්

ඊයේ දිනයේදී හදුනාගත් කොරෝනා රෝගීන් 31ක් දෙනාගනෙ 21ක් නාවික හමුදා සාමාජිකයින් බවත් එම හමුදා සාමාජිකයින් සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයින් 06 දෙනෙකුට හා යුධ හමුදා සාමාජිකයින් 4 දෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා.

හඳුනා ගැනීමේ අවසන් අදියරට එළඹ ඇති බවත් ඔවුන්ගෙන් නාවික හමුදාවේ සෙබලුන්ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති අනෙකුත් පුද්ගලයින් බහුතරයක් අදාල හමුදා සාමාජිකයාගේ පවුලේ සාමාජිකයින් හා අසල්වාසීන් වන බවත් මේ වනවිට නාවික හමුදා සෙබලුන් අතරින් වෛරසය ආසාධිත සෙබලුන් හදුනාගැනීම අවසන් අධියරේ පවතින බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *