ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

2019 වසරේ නොවැම්බර් අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක දැක්වේ.

2019 වසරේ දෙසැම්බර් මාසය තුළ දී විනිමය අනුපාතය ස්ථාවරව පැවතීමත් සමඟ 2019 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අතිප්‍රමාණය වී ඇති අතර 2020 වසරේ ජනවාරි මස 17 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.1කින් අතිප්‍රමාණය වී ඇති බව එම වාර්ථාවේ දැක්වේ.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබද වාර්තා කරන ශ්‍රී ලංකා මහ බැංකුව 2020 ජනවාරි 17 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් බොහෝ ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපෙක්ෂව අතිප්‍රමාණය වී ඇති බව පෙන්වා දෙයි.

 

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඇසුරෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *