ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය දුමායනය කර විෂබීජහරණය කෙරේ

කොරෝනා වෛරස් බියකින් තොරව බැතුමතුන්ට දළදා මාලිගාව වන්දනාමාන කිරීම පිණිස විෂබීජ හරණය කළ හැකි පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවක් අනුව ඖෂධ වර්ග 15ක් හා තෙල් වර්ග 05ක් උපයෝගි කර ගනිමින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය දුමායනය කර විෂබීජ හරණය කිරීමට කටයුුතු කර ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

කොරෝනා වෛරස් රෝගීන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමත් සමඟ ශ්‍රී දළදා මාලිගාව විසින් ඊට මුහුණ දීම පිණිස ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට ඊයේ (14) දා දළදා මැදුරේදී පැවැති මාධ්‍යය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මුල් අදියර යටතේ ශ්‍රී දළදා මාලිගාවට ප්‍රවිශ්ඨ වීමට ඇති දොරටු ඇතුළු ස්ථාන ගණනාවක මුහුණ සහ අතපය සෝදා ගැනීමට ස්ථාන ස්ථාපිත කළ බවත් කී ඒ මහතා ශ්‍රී දළදා මාලිගාව අභ්‍යන්තරය හා පිටත දුමායනය කිරීම පැය 24 පුරා ක්‍රියාත්මක බවද අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *