රෝග නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කෙරේ

රෝග නිරෝධායන ක්‍රියාවලියට බලපෑම් කරන පුද්ගලයින් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටිනවා. ඒ, රෝග බෝ වීම හෝ පැතිරවීමට තුඩු දෙන ද්වේෂ සහගත ක්‍රියා සිදුකිරීම, රෝග නිරෝධායනයට බලපෑම් කිරීම මෙන්ම ජීවිත වලට අන්තරාදායක රෝගයක් පැතිරවීමට දායක වීම යන චෝදනා යටතේයි.

රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවතින විධි විධාන වලට අනූකූලව එවැනි පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ. එමෙන්ම කෝවිඩ් 19 වෛරසය මෙරට ව්‍යාප්තිය මර්ධනය කිරීමට නීතිමය පසුබිම යටතේ ඇති සෑම පියවරක්ම ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය දන්වා සිටී. එම නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *