ශ්‍රීලනිපයේ සහය ජනපති ගෝඨාභයට

ඊයේ (16) පස්වරුවේ නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එළැඹෙන මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

එමෙන්ම තුනෙන් දෙකක ජන වරමක් ලබාගැනීම වෙනුවෙන් තම පූර්ණ සහය ලබාදීමට ද මෙහිදී එකඟතාවකට එළඹ තිබෙන බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.

එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක් වූ ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමටත්, එම පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *