විසි එක්වැනි ශතවර්ෂයට උචිත ලෙස විභාග ක්‍රමය වෙනස්විය යුතුයි – ඩලස්

විසි එක්වැනි ශතවර්ෂයට උචිත ලෙස විභාග ක්‍රමය වෙනස්විය යුතුයි – ඩලස්
අපි ඉන්නේ විසි එක්වන ශතවර්ෂයේ වන නිසා විභාග ක්‍රමය වෙනස් වීමට අවශ්‍ය බව 2020 වර්ෂය සදහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනීමේ ජාතික උත්සවය අමතමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

“ හැදෙන හෙට රටට එකම අපි අකුරට “ තේමාව යටතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ 2020 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනිමේ ජාතික මහෝත්සවය මාතලේ නුගගොල්ල ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේදි ඊයේ (16) පැවැත්වුණි.

එහිදී පළමු ශ්‍රේණිය සදහා දරුවන් ඇතුලත් කර ගැනිම සංකේතවත් කරමින් නුගගොල්ල ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලය සදහා දරුවන් දෙදෙනෙකු ඇතුලත් කර ගැනීම අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *