සමාගම්

වෝහාරික විගණනය කළ ආයතන දෙකේ අමතර වියදම් සදහා තවත් කෝටි 3.6 ක් ඉල්ලයි

මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණන ඉදිරිපත් කළ ආයතන දෙකක් විසින් අමතර වියදම් ලෙස තවත් රුපියල් තුන් කෝටි හැටලක්ෂයක පමණ (මිලියන 36.47) මුදලක් රජයෙන් ඉල්ලා ඇත.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවලට අදාළ වෝහාරික විගණන වාර්තා ඉදිරිපත් කරනු ලැබු ආයතන දෙකට රුපියල් දෙකෝටි දොලොස් ලක්ෂයක පමණ මුදලක් බී.ඩී.ඕ.ඉන්දීයා ආයතනයටත්, රුපියල් එක්කෝටි හතලිස්තුන් ලක්ෂයක පමණ මුදලක් කේ.පී.එච්.පී.ශ්‍රී ලංකා ආයතනයටත් අතිරේක වියදම් ලෙස ගෙවීමට සිදුවනු ඇත. එම මුදල් අදාළ ආයතන දෙකට ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *