එජාපය අලුත් පෙරමුණකින් ජයග්‍රහණය කරා ගෙනියනවා – මංගල

දිස්ති‍්‍රක් නායකයා ලෙස එජාපය අලූත් පෙරමුණකින් ජයග‍්‍රහණය කරවනවිමට තමන් ක්‍රියා කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් දෙපිරිසක් අතර 2013 වර්ෂයේ මාතර දි ඇතිවු ගැටුම සම්බන්ධ නඩුව (කුරුදු පොලූ නඩුව) ඊයේ (17) මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේදි කැදවු අවස්ථාවේදීයි. නඩු විභාගය අවසානයේ ඉන් පිටතට පැමිණි හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා මෙසේ පැවසිය,

‘‘ ඇත්ත වශයෙන්ම 2013 වර්ෂයේ සිට වසර 7 ක් තිස්සේ දේශපාලන කරුණු මත පොලිසිය එදා ඉදිරිපත් කල මෙම නඩුව ඇදි ඇදි ඇවිත් තියෙනවා . අවුරුදු හතරහාමාරක් අපේ ආණ්ඩුවක් තිබිලත් අපි තවමත් උසාවි එනවා කියන්නේ එදා උසාවියට අපි ඇගිලි නොගැහුවා කියන එක මෙකෙන් පේනවා . ඒ වගේම ඉදිරි මහා මැතිවරණයට මම තරග කරනවා . දිස්ති‍්‍රක් නායකයා හැටියට මේ වතාවේ මාතර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම අලූත් පෙරමුණකින් ජයග‍්‍රහණය කරා ගෙනියනවා’’ යැයි පැවසිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *