වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවතට

පසුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ. ඊයේ පස්වරුවේ ඔහු මෙලෙස මෙම තනතුරෙන් ඉවත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ මහතා පවසා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය විසින් එම තනතුරෙන් ඉවත් වන ලෙසට තමාගෙන් ඉල්ලා සිටි බවයි. එම ඉල්ලීමට අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *