විශේෂ කාර්ය බළකායේ 256ක් නිරෝධායනයට

මහර බන්ධනාගාර ගැටුම මැඬපැවැත්වීමට සහභාගී වූ හා කොවිඩ් අවධානම් ප්‍රදේශවල රාජකාරී වල නිරත වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 256 දෙනකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. මෙම පිරිස අතර විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද සිටී.

පවතින කොවිඩ් අවධානම හමුවේ විශේෂ කාර්යය බළකායේ අවධානම් රාජකාරි කළ නිලධාරීන් නිසි නිරෝධායන ක්‍රියාවලියකට ලක්නොකර සැලසුමකින් තොරව රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බවට වාර්තා පළවූ අතර ඊට විසඳුමක් ලෙස මෙම නිලධාරීන් නිරෝධායනය කඳවුරු වෙත යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

නිරෝධායනයට යොමු කළ නිලධාරීන් වෙනුවට වෙනත් කඳවුරුවලින් නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බවත් විශේෂ කාර්ය බළකායේ දෛනික රාජකාරි කටයුතු ගැටලුවකින් තොරව සිදුවන බවත් පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *