අත්තනෝමතිකව කටයුතු කළොත් අටලුගම දිගු කාලයක් හුදෙකලා වේවි

සෞඛ්‍ය අංශවලට සහයෝගය නොදී අත්තනෝමතිකව කටයුතු කරමින් සෙසු මහජනයාගේ ජීවිත අනතුරේ හෙළනවා නම් අටලුගම ජනතාවට තවත් දීගු කාලයක් හුදෙකළා තත්වයේ සිටීමට සිදු වන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා පවසා සිටින්නේ සුළු පිරිසකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් සමස්ත කළුතර ජනතාවගේම ජීවිත අනතුරේ හෙළීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, සමස්ත කළුතර ජනතාවම ආරක්ෂා කරගැනීම⁣ට පියවර ගැනීමට නම් සෞඛ්‍ය අංශ වෙත පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස තමා අටලුගම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.

රජය, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ දිවා රෑ නොබලා කොවිඩ්-19 මර්ධනයට කටයුතු කරද්දී සුළු පිරිසක් සහයෝගය නොලැබීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *