අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කරන මෙන් සිංගප්පූරු නීතිපතිවරයාට ඉල්ලීමක්

හිටපු මහ බැංකු අධිපති, අර්ජුන මහේන්ද්‍රන් පසුගිය රජය සමයේ මෙරට සිදුවූ විශාලම බැදුම්කර වංචාවට සමබන්ධ ප්‍රදාන සැකකරුවෙක් ලෙස හදුනාගෙන ඇත.

ඔහු මේ වන විට සිංගප්පූරුවට පැනගොස් සිටින බැවින් ඔහුව මෙරටට පිටුවහල් කරන ලෙස කළ ඉල්ලීමක් හා පැහැදිලි කිරීමේ සටහනක් මෙරට නීතිපතිවරයා විසින් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත යොමු කර ඇත .

තවද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ, නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මේ පිළිබද  අධිකරණ ලේකම්වරයාට දන්වා ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *