සමගි

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විශේෂ කාර්ය සාධන බළකායක් පිහිටුවන්න – සජිත්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිඹද සොයා බැලීම සඳහා විශේෂ කාර්ය සාධන බළකායක් ස්ථාපනය කරන ලෙස ජාතික සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී. ඔහු මේ බව පැවසුවේ සමගි ජනබලවේගයේ කාර්යාලයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ සිය අදහස් පළ කළේය

“විදේශ රටවල සේවය කරන අපේ ජනතාව අපේ රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එකතු කරන පිරිසක්. මේ විදේශීය ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ මුදල් අපේ රටට දැවැන්ත ශක්තියක් ලබා දෙනවා. නමුත් මේ වන විට කොරෝනා උවදුර නිසා ඉමහත් අසහනයකට, පීඩනයකට ඔවුන් ලක් වෙලා ඉන්නවා. ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් මීට වඩා කාර්යභාරයක් ඉටු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. රට විරුවන් යන නාමය යොදා තිබෙන ඔවුන් වෙනුවෙන් වෙනම විශේෂ කාර්ය සාධන බළකායක් ක්‍රියාත්මක කරන ලෙස මම රජයට යෝජනා කරනවා. ඔවුන්ගේ සුබසාධනය, සෞඛ්‍ය, ඒ අයගේ ජීවන මට්ටම ගැන පුද්ගල සමීක්ෂණයක් කරලා, ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්නැයි මම රජයට යෝජනා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *