මෙවර ජවිපෙ මැයි දින සැමරුම අන්තර්ජාලය හරහා

ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණ සංකේතාත්මක මැයි දින සැමරුමක් අන්තර්ජාලය ඔස්සේ හෙට (01) දින උදෑසන 10 ට පැවැත්වීමට සැලසුම්කර තිබේ.

මෙවර ජනතා විමුක්ති පෙරමුණේ තේමාව වී ඇත්තේ “ජන ජීවිතවල ආරක්ෂාව තහවුරු කිරීමට, පීඩාවට පත් සැමට සහන සැලසීමට, ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතැබීමට ආණ්ඩුවට බල කරන රතු මැයි දිනය” යන තේමාවයි. මෙම මැයි දින සැමරුම සජීවීව මුහුණු පොත ඔස්සේ විකාශනය කෙරෙන්නේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ සිටයි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුන් මෙහිදී දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *