Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ත්‍රිවිධ හමුදාව නිරෝධායනට පාසල් ලබාදෙන බවට පල වන වාර්තා සාවද්‍යයි – ආරක්ෂක ලේකම්

ත්‍රිවිධ හමුදාව නිරෝධායනට පාසල් ලබාදෙන බවට පල වන වාර්තා සාවද්‍යයි – ආරක්ෂක ලේකම්

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රජයේ පාසල් භාවිතා කර ඇති බවට ඇතැමුන් සිදු කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ හමුදා සාමාජිකයින් නිරෝධායනය කිරීම සඳහා කිසිදු පාසලක් භාවිතා කර නොමැති නමුත් අතිරේක කඳවුරු ලෙස පාසල් යොදා ගන්නා බවයි.

“ත්‍රිවිධ හමුදාවන්ට ඔවුන්ගේ කඳවුරු වෙත කැඳවීම සඳහා සියලු නිවාඩු සහ කෙටි නිවාඩු අවලංගු කරන ලෙස අප නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ කඳවුරු වෙත වාර්තා කරන ලදී.” ඔහු පැවසීය.

අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට උපදෙස් දී ඇත්තේ සොල්දාදුවන්, නාවිකයින් සහ ගුවන් භටයින්ගේ සනීපාරක්ෂාව පවත්වා ගනිමින් නවාතැන් ගැනීමට තරම් ඉඩකඩ අදාළ කඳවුරුවල නොමැති බැවින් කොරෝනා වෛරසය පැතිරීම වලක්වා ගැනීමට සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම වැදගත් වන නිසා ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව පාසල්වල නවාතැන් ලබාදීමට කටයුතු කරන ලෙස බව ආරක්ෂක ලේකම් පවසයි.

මෙරට තුල සෞඛ්‍ය බලධාරීන්ගේද සහාය ඇතිව ආරක්ෂක හමුදාවන් විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 54 ක් තිබුණි. අද වන විට නිරෝධායනයට භාජනය වෙමින් සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 3,292 ක් වන අතර අවසන් වෛද්‍ය පරීක්ෂණය සම්පූර්ණ කර නිරෝධායන සහතික ලබාගත් පුද්ගලයින් 4,526 දෙනෙකු එම නිරෝධායන මධ්‍යස්ථානවලින් තම නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

“කොරෝනා වෛරස් ආසාදිත බවට සැක කෙරෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවනු ලැබේ. පාසැල්වල නවාතැන් ගෙන සිටින අය මුහුණු ආවරණ පමණක් පැළඳ සිටින නමුත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින හමුදා සාමාජිකයින් ආරක්ෂිත ඇදුම් හා උපකරණ පැළඳ සිටිනවා.” යැයි පැවසූ මේජර් ජෙනරාල් ගුණරත්න මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ සිදුකිරීම සදාචාරාත්මකව නිවැරදි නොවන බැවින් මෙම තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එවැනි නොමඟ යන සුළු ප්‍රකාශ නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *