විදුලි බිලට අමතර අය කිරීමක් නෑ, රතු බිල් නෑ – මහින්ද අමරවීර

කොරෝනා වසංගතය නිසා ඇති වී තිබෙන තත්වය හමුවේ විදුලි බිල් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් පාරිභෝගික ජනතාවගෙන් අමතර ගාස්තුවක් අය කිරීමක් සිදු නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

අමාත්‍ය වරයා පවසන්නේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව වෙත විදුලි බිල්පත් නිකුත් කිරිමටත් ලැබුණු බිල්පත් ගෙවීමටත් හැකියාවක් නොමැති බවත්ය. ඒ අනුව වැය කර ඇති ඒකක ප්‍රමාණයට පමණක් ගාස්තු අයකරන ලෙසත්, අමතර කිසිදු ගාස්තුවක් එකතු නොකරන ලෙසත්, කිසිසේත් විදුලිය විසන්ධි කිරිම සඳහා රතු බිල් නිකුත් නොකරන ලෙසටත් අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඇඳිරි නිතිය ඉවත් කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල්පත් නිකුත් කළද එම මුදල් කොටස් වශයෙන් ගෙවීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *