දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 50 දෙනෙක් අත්අඩංගුවට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව අනාරක්ෂිතව වෙළඳාම් කටයුතු වල නිරත වූ ව්‍යාපාරිකයින්, වෙළෙන්දන්, ගොවීන් සහ කම්කරුවන් පනස් දෙනකු පමණ දහවල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ දඹුල්ල මහ නගර සභාව, දඹුල්ල පොලිසිය, ආර්ථික මධ්යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන්ගේ සහයෝගය ඇතිවයි.
