ජනපතිගේ දුරදක්නා තීන්දු නිසා කොරෝනා පාලනය කිරීමට හැකි වුණා – රෝසි සේනානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කරන ලද තීන්දු තීරණ අනුව මේ වන විට මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි වීම ගැන තමන් සතුටට පත්වන බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරිය. එමෙන්ම මේ ආකාරයේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවූ ලොව එකම රට ශ්‍රී ලංකා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුරදක්නා තීන්දු නිසා කොළඹ නගරයේ ජනතාවට මහත් අස්වැසිල්ලක් වී ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

කොළඹ නගරයේ බොහෝ ස්ථාන අගුලු දමමින් එම දරු පවුල් පවා බලා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බවත් කී එතුමිය ඒ සම්බන්ධයෙන් තමන්ගේ පූර්ණ කෘතවේදීත්වය ආණ්ඩුවට පළ කරන බවද කියා සිටී. කොළඹ නගර සභාවේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *