විජේදාසගේ ප්‍රකාශ සම්බන්ධව හරස් ප්‍රශ්ණ ඇසීමට මට අවස්ථාවක් දෙන්න – මුජිබර්

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාපක්ෂ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ෂණය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ තමන් ජාතිවාදය වර්ධනය කළේ යැයි සිදුකළ ප්‍රකාශය සම්බන්ධව, එම කොමිසමේදී මන්ත්‍රීවරයාගෙන් තමන්ට හරස් ප්‍රශ්න ඇසීමට තමාටද අවස්ථාව හිමි විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“අන්තවාදීන්ට සහයෝගය දුන් බවට එතුමා පවසපු නම් අතර මගේ නමත් තිබුණා. කිසිදු සාක්ෂි නොමැතිව මගේ නම සඳහන් කළා. ඒ සඳහා මම මගේ තදබල විරෝධය පළකරනවා. ජනපති කොමිසම මාව කැඳවනවානම් සාක්ෂි දෙන්න මම සූදානම්. එහෙම කැඳවීමක් මට අද වෙනකල් ලැබිලා නෑ. එතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කොමිසමෙන් මම ඉල්ලනවා, මට එතුමාගෙන් හරස් ප්‍රශ්න අහන්න දෙන්න කියලා. මගේ නිර්දොෂිභාවය ඔප්පු කරන්න හා නීතිමය කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *