වාහන ආනයනකරුවන් මහ බැංකු අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ තොරතුරු හෙළි කරයි.

වාහන ආනයනය නැවත ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ ඊයේ (15) පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළ බව එම සංගමයේ සභාපති ශාන්ත ගමගේ මහතා අද දෙරණට පැවසීය.

වාහන ගෙන්වීම නැවත ආරම්භ කරන ලෙස ඉල්ලීමක් කළ බව සඳහන් කළ ඔහු කියා සිටියේ, නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

කෙසේ වෙතත් දේශීය පරණ වාහන වෙළෙඳපොළ සඳහා ණය පොලී අනුපාත අඩුකර සහන ලබාදීමේ හැකියාව සොයා බලන බවට මහ බැංකු අධිපතිවරයා සපථ කළ බව ශාන්ත ගමගේ අනාවරණය කළේය.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නේ එවැනි ක්‍රියාමාර්ගයක් දේශීය වාහන වෙළඳපොළ ශක්තිමත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *