මැතිවරණ කොමිසමෙන් තීරණ තුනක්…

පළාත් පාලන මැතිවරණයට අදාළව ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණ තුනක් ගෙන තිබේ.

සියලුම ලියාපදිංචි දේශපාලන පක්ෂ සඳහා 2021 වර්ෂය සඳහා විගණනය කරන ලද ගිණුම් පිළිබඳ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා 2023 මාර්තු 16 වන දින සිට දින 14 ක සහන කාලයක් කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

සහන කාලය අවසන් වන විට අදාළ ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන දේශපාලන පක්ෂ ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවෙන් ඉවත් කරන බව කොමිසම ප්‍රකාශ කළා.

2023 පළාත් පාලන මැතිවරණයට තරග කරන ලියාපදිංචි දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ 2023 මාර්තු 23 වැනි දින පෙරවරු 10.00 ට සාකච්ඡාවක් පැවැත්වීමට ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *