වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

සියලුම නිල වල සිටින පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත් දැනුම් දෙනතුරු අවලංගු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව කොරෝනා ආසාධිතයින් පොකුරක් වාර්තා වීමත් සමග එම රෝග ව්‍යප්තිය වැළැක්වීම සඳහා රජය ගෙනයනු ලබන වැඩපිළිවෙළ සඳහා පොලීසියේ සෘජු දායකත්වය ලබාදීමට අවශ්‍ය මානව සම්පත් සූදානම් කිරීම පිණිස එම තීරණය ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

polinwadu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *