කොවිඩ් ආසාධිත කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියක් චාරිකාවක ගිහින්, සෙබළු 50ක් නිරෝධායනයට

මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්තශාලාවේ කොවිඩ් වැලඳුණු කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියක් දුම්රියෙන් යාපනය දඹකොළපටුන ප්‍රදේශයට විනෝද චාරිකාවක් ගොස් ඇතැයි හෙළිවී තිබේ. ඒ අනුව එම දුම්රිය මැදිරියේ ගමන්ගත් නාවික හමුදා සෙබළුන් පනහක් නිරෝධායනයට යොමුකර ඇත.

එම දුම්රිය මැදිරියේ ගිය නාවික සෙබළුන් දඹකොළපටුන නාවික හමුදා කඳවුරේම නිරෝධායනයට යොමුකර ඇති අතර දුම්රිය මැදිරි​යේ ගමන්ගත් සෙසු පිරිස හඳුනාගැනීමට රාජ්‍ය බුද්ධි අංශය හා සෞඛ්‍ය අංශ එක්ව පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *