වවුනියාවේ මහකච්චකොඩිය ගම්මානය හුදකලා කෙරේ

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය දින 14ක කාලයක් හුදකලා කිරීමට වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය අද (27) දින තීරණය කර තිබේ.

මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ වැලිසර නාවික කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි නාවික සෙබළෙකුට කොවිඩි 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවීමත් සමඟ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසා සිටින්නේ.

අදාළ නාවික සෙබළා මහකච්චකොඩිය ගම්මානයේ ස්ථාන කිහිපයක් වෙත ගමන් කොට ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *