රු. 5,000 දීමනාව දිස්ත්‍රික්ක 3ක ගොවීන්ටත් ලබා ගැනීමේ අවස්ථාව

මහ කන්නයේ කීඩෑ උවදුරින් පීඩාවට පත් පොළොන්නරුව, අම්පාර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවල ගොවීන් සදහා පමණක් රුපියල් 5000 දීමනාව ලබාදීමට තීරණය කර ඇති බව ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි. මෙම දීමනාව ලැබෙන්නේ කෘෂි රක්ෂණ වන්දිය නොලැබී ඇත්නම් පමණක් බව ද එම කාර්ය සාධක බලකාය පැවසුවේය.

ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ගොවිජන සේවා කොමසාරිස්වරුන් දැනුම් දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *