වව්නියාවෙන් බෝම්බ හමුවෙයි

වව්නියාව විලක්කුවයිත්තකුලම් ප්‍රදේශයේදී වැසියකු සිය ඉඩම පස් කපන යන්ත්‍රයක් යොදා පිළිසකර කරමින් සිටින අතරතුරදී වළදමා තිබූ බිම්බෝම්බ තොගයක් ඊයේ (16) සවස හමුවී ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.

අදාළ  වැසියා යුද්දෙන් පසුව නැවතපදිංචි කරන ලද්දෙක් වන අතර ඔහු සිය ඉඩම එළිපෙහෙළි කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී පස් කැපීමේදී මෙම බෝම්බ හමුවී ඇති අතර ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව සිදු කරන ලද සොදිසියකදී බිම්බෝම්බ 07ක් සොයාගනු ලැබ ඇත.

මෙම බෝම්බ යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ  දමන්නට ඇති බවට ඕමන්ත පොලීසිය සැක කරයි.
සොයාගත් බිම්බෝම්බ අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය හරහා නිෂ්ක්‍රීය කිරිමටද පියවර ගෙන ඇතැයි ඕමන්ත පොලීසිය වැඩිදුරටත් පවසයි.

(වව්නියාව – මධුශංක අමරසිංහ, gossiplankanews.com ඇසුරිණි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *