තුර්කි නැවක් පැහැරගනී

නයිජීරියාවට නුදුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක සිටි තුර්කි ජාතික නැවියන් 10 දෙනෙක් ආයුධ සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් පිරිසකගේ ග්‍රහණයට ලක්වී ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.

නැව් හිමිකරු පවසන පරිදි නැවියන් 10 දෙනෙක් කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්ව සිටින බවත් තවත් නැවියන් අට දෙනකු නැවේ සුරක්ෂිතව සිටින බවත් වාර්තා වේ. මෙය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන අතර කැමරූන් සිට අයිවරි කෝස්ට් වෙත ගමන් කරමින් තිබියදී මෙලෙස මුහුදු කොල්ලකරුවන්ට හසුවී ඇති බවත් කොල්ලකරුවන් නැව හැරගිය පසු එය ඝානාවේ ටෙමා වරායට රැගෙනවිත් ඇති බවත් විදෙස් පුවත් සේවා පවසයි. අත්අඩංගුවට පත්වූ හෝ නැවේ සිටි කිසිවකුට හානියක් නොමැති බව විදෙස් ‍මාධ්‍ය වාර්තා කරයි.

පැහැරගත් නාවුකයින් නිදහස් කර ගැනීම සඳහා නයිජීරියානු හා ඝානා බලධාරීහු කටයුතු කරමින් සිටිති.

(අල්ජසීරා පුවත් ඇසුරිණි/ Image – BBC.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *