පළාත් කිහිපයකට ඉදිරි දිනවල තද වැසි

අද(17) සිට ලබන 20වැනිදා තෙක් මධ්‍යම, සබරගමු පළාත්වලට ද ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවලටද මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලටද මිලි මීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සටහන් වේ.

පසුගිය දිනවල පැවැති දැඩි වියළි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැස තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *