ලෝක බලවතාට එරෙහිව ආ අභියෝගය

ලෝක බලවතා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට කොංග්‍රස් මාණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් වූ දෝශාභියෝගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. ඒ අනුව එරට දේශපාලන ඉතිහාසය තුළ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය තුළදී දෝශාභියෝගයට ලක් වූ තෙවැනි ජනාධිපතිවරයා බවට ට්‍රම්ප් පත්ව තිබේ. හිටපු ජනපතිවරුන් වූ ඇන්ඩෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන් මීට පෙර මෙවැනි පරාජයන් ලබා ඇත.

ජනපතී ට්‍රම්ප් පසුගිය ජූලි මාසයේදී දුරකථනය හරහා යුක්රේන ජනාපතිවරයා අමතමින් සිය 2020 ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස කළ ඉල්ලීම මෙලෙස ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් එල්ලවීමට හේතුව විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි ආසන බලයක් හිමි ඩිමොක්‍රටික් පක්ෂයේ කථානායිකා නැන්සි පෙලොසි මෙම දෝෂාභියෝග චෝදනාව ජනපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළාය.

මෙහිදී ට්‍රම්ප්ට එරෙහිව චෝදනා දෙකක් එල්ල වූ අතර ඉන් එක් චෝදනාවක් වූයේ සිය බලය අනිසි ලෙස භාවිතා කිරීමයි. කොංග්‍රස් මණ්ඩලයට බාධා එල්ල කිරීම අනෙක් කරුණ ය. ඒ අනුව පළමු චෝදනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 23 දෙනෙකු ඡන්දය ලබාදී තිබූ අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 197කි. දෙවැනි චෝදනාවට පක්ෂව ඡන්ද 229ක් ද විපක්ෂව ඡන්ද 198ක්ද හිමිවිය.

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම දෝෂාභියෝග ඡන්ද විමසීමේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සියලුම ඩිමොක්‍රොටික් මන්ත්‍රිවරුන් එම යෝජනාවට පක්ෂවත් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන්ට විරුද්ධවත් ඡන්දය ලබා දී ඇත. මෙම දෝෂාභින්ගෙය මූලික කරගනිමින් ට්‍රම්ප් ජනපති ධුරයෙන් ඉවත් කිරීමට නම් එය ඉදිරියේදී සෙනෙට් මණ්ඩලයේද බහුතර කැමැත්ත මත ජයග්‍රගණය කළ යුතුව ඇත.

කෙසේ වෙතත් සෙනට් මණ්ඩලයේ බහුතර බලය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව පවතින නිසා එහිදී මෙම දෝෂාභියෝගය පරාජයට පත්වීමක් හෝ ඉවතට විසිවීමක් හෝ සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ. මෙම සෙනෙට් මණ්ඩල ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ ලබන වසරේදීය.

මේ පිළිබදව නිවේදනයක් නිකුත් කර අති ධවල මන්දිරයද, ජනපතිවරයාට තමන් පිළිබඳව දැඩි විශ්වාසයක් පවතින බවත්, සෙනෙට් මණ්ඩලයෙන් විමසීමේදී අනිවාර්යයෙන්ම ජය ගැනීමේ හැකියාවක් ඔහුට ඇති බවත් පවසා තිබේ. මේ අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද විමසීමේ ප්‍රතිඵල අනුව කිසි ලෙසකින්වත් අසීමාන්තික සතුටට පත් නොවන ලෙසට එහි කතානායිකා පෙලොසි සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත.

ඩිමොක්‍රටික් පක්ෂය තමන්ට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය එම පක්ෂය දේශපාලනික වශයෙන් සියදිවිනසා ගැනීමක් දක්වා රැගෙන යන්නක් බවටද ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන්ම මෙම දෝෂාභියෝගයට නීතිමය පදනමක් නැති බවත්, සම්පුර්ණයෙන්ම පක්ෂග්‍රාහී වූවක් බවත් ඔහුගේ අදහස වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *