Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

ලොව ළාබාලතම අගමැතිනිය ෆින්ලන්තයෙන්

ලොව ළාබාලතම අගමැතිනිය ෆින්ලන්තයෙන්

ෆින්ලන්තයේ අගමැතිවරිය ලෙස තේරී පත්වූ සානා මාරීන් ලොව ළාබාලතම අගමැතිවරිය ලෙස වාර්තා පොත් අතරට එක්වූවාය.  ලබන සතියේදී ඇය සිය ධුරය වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවන සානා එරට ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. එසේම ඇය දැනට ලොව සිටින ළාබාලතම රාජ්‍ය නායකයා බවට පත්ව තිබේ. දැනට එම වාර්තාවට හිමිකම් කියන යුක්රේනයේ අගමැති ඔලෙක්සි හොන්ඩරුන්ගේ වයස අවුරුදු 35 කි.

මීට අමතරව වයස අවුරුදු 50ට අඩු රාජ්‍ය නායිකාවන්ගේ ලැයිස්තුවටද සානා මාරීන් අයත් වෙයි. නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් සහ ඩෙන්මාර්කයේ මෙට් ෆෙඩ්රික්සන්ද ඒ අතර වෙති.

සානා නියෝජනය කරන සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇය එරට අගමැතිවරිය ලෙස පසුගියදා යෝජනා කර තිබේ. එම පක්ෂයේ හිටපු නායකයා මෙන්ම හිටපු අගමැතිවරයාද වූ අපි අන්ටි රිනේ එම ධුරවලින් ඉවත් වීමෙන් අනතුරුව මීළග නායකත්වය තෝරා ගන්නා ඡන්ද විමසීමේදී වැඩි දෙනෙකු සානා වෙත කැමැත්ත පළ කර තිබිණි.
ෆින්ලන්තයේ සෙන්ටර් පක්ෂය හා පැවැති සභාගය බිඳී යාමෙන්, අන්ටි රීනේ සිය ධුරවයෙන් සමුගැනීමට තීරණය කර තිබුණි. ජූනි මාසයේදී පැවැති මහ මැතිවරණයෙන් කිසිවෙකුටවත් බහුතරය දිනා ගැනීමට නොහැකි වීම නිසා එරට වත්මන් පාලනය පක්ෂ පහක සභාගයක් යටතේ ක්‍රියාත්මක විය. මෙම පක්ෂ 5ම නායකත්වය පවා කාන්තාවන් සතු වීමත් විශේෂත්වයකි.

අදහස් (1)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *