ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා මෙලොවින් සමුගනී

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා වශයෙන් නම් කර සිටි ජපාන් ජාතික චිතෙත්සු වතනබේ මහතා පසුගිය ඉරිදා (23) මියගොස් තිබෙනවා. මීට සති දෙකකට පෙර ඔහු ලොව වයස්ගතම පුද්ගලයා වශයෙන් ගිනස් ලෝක වාර්තා මගින් නම් කෙරුණු අතර ඒ වෙනුවෙන් සැමරුමක්ද ඔහු වෙත ලැබුණි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112 ක් බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ. 1907 මාර්තු මස 5 වනදා ටෝකියෝ නුවරට උතුරින් පිහිටි නීගාතා ප්‍රදේශයේදී ඔහු උපත ලැබූ ඔහු සහෝදර සහෝදරියන් සිව්දෙනෙකුගෙන් වැඩිමලාද වේ.

වටනාබේගේ අභාවයත් සමඟ මධ්‍යම ජපානයේ අයිචි ප්‍රාන්තයේ ඔකාසාකි නගරයේ පදිංචි 110 හැවිරිදි ඉසාකු ටොමෝ දැන් ජපානයේ වයස්ගතම මිනිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *