ලොව කැළඹූ ඝාතනයකට ලැබුණු දඬුවම

ලෝකය පුරා වඩාත් කථාබහට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් 5 දෙනකුට මරණීය දණ්ඩනය පැනවීමට සෞදි අරාබිය තීරණය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය 2018 වසරේ ඔක්තෝබරයේදී මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය අවස්ථාවක ඔහු ඝාතනය කෙරිණි. සෞදියේ ඔටුන්න හිමි කුමරු විසින් මෙම ඝාතනය කිරීමට කටයුතු යොදා ඇතැයි විදේශයන්ගෙන් චෝදනා එල්ලවුණු අතර සෞදි රජයට විවේචනය එල්ල කළ මාධ්‍යවේදියකු වූ කෂෝගිගේ ඝාතනය සෞදි බුද්ධි අංශ විසින් සැලසුම් සහගතව කළ දේශපාලනික ඝාතනයක් බවට තුර්කි ජනපති ටායිප් අර්දොවාන්ද් පවසා තිබිණි.

ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි රජය දැක්වූ ප්‍රතිචාරය මෙතෙක් ලොව දුර්වලතම සැඟවීම ලෙස ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අර්ථගන්වා තිබූ අතර කෂෝගි ඝාතනය කර තිබුණේ සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ නියෝගයකට අනුව බව ඇමරිකා මධ්‍යම විමර්ශන කාර්යංශය විශ්වාස කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කර තිබු අතර ඉන් පස් දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි.

 

16 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *