රන්ජන් ඇප මත මුදා හැරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැඟින් වු ශරීර ඇප මත මුදා හැර කර ඇත.

අධිකරණය මඟින් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවස ඊයේ දිනයේ දී කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් සෝදිසි කිරීමක් සිදුකරනු ලද අතර එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකෙරෙන දෘඩ තැටි හා සංයුක්ත තැටි කිහිපයක් සොයාගෙන ඇති පොලීසිය සඳහන් කළේය.

අද පස්වරුවේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මඟින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

16 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *