ලිට්‍රො හිඟය ඇතිවී ඇත්තේ ඉල්ලුම වැඩිවීමෙන්

නිෂ්පාදන ගැටලු හේතුවෙන් ලාෆ් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොවීම තුළ ලිට්‍රො ගෑස් සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

තමන් දෛනිකව ගෑස් මෙට්‍රික් ටොන් දහසක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තත් ලාෆ් සමාගම අක්‍රියවීම මත මෙම අර්බුදය හට ගෙන ඇතැයි තේෂාර ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා ප්‍රකාශ කළේ ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නොමැතිවීම සහ ඒ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට පවතින බාධා නිසා ලාෆ් ගෑස් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇති බවය.

ගැටලුව විසඳා ගැනීම සඳහා රජයේ පාර්ශ්වයෙන්  සාධනීය මැදිහත්වීමක් සිදුකර නොමැති බවද වෑගපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර බොරැල්ල, බත්තරමුල්ල, නුගේගොඩ,පන්නිපිටිය හා කොට්ටාව ප්‍රදේශවල අලෙවිසැල් රැසකම ලිට්‍රො ගෑස් හිඟය තවදුරටත් පවතින බව අප කළ සොයාබැලීමකදී අනාවරණ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *