පොහොර ගැටලුව විසඳාගත හැකි අයුරු චීන තානාපති කියයි

ශ්‍රී ලංකා චීන තානාපති චී.ෂෙන්ග්හොන්ග් මහතා අද (14) මහනුවරට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක තිබුණි.

ශ්‍රී ලංකා චීන තානාපතිවරයා එහිදී චීන කාබනික පොහොර ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ඔහු එහිදී සඳහන් කළේ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට එය පත්කර ගතයුතු නැති බවත්, එය වාණිජ වශයෙන් විසඳා ගතයුතු බවත්ය.

“මට අවබෝධවෙලා තියෙනවා පොහොර අර්බුදය පිළිබඳව දැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා කියලා. මගේ පුද්ගලික මතය තමයි කාබනික පොහොර අර්බුදය වාණිජමය ගැටලුවක්. මම කනගාටුවට පත්වෙනවා. ඇතැම් ශ්‍රී ලාංකික පිරිස් මේ ගැටලුව ව්‍යාකූල කිරීමට මෙය දේශපාලනීකරණයට ලක්කිරීමට තැත් කිරීම පිළිබඳව. මට දැනගන්න ලැබිලා තියෙනවා චීන සමාගම සහ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹිලා තියෙනවා නිෂ්පාදනයේ තත්ත්වය පරීක්ෂා කිරීමට තුන්වන පාර්ශ්වයක පරීක්ෂණයක් සිදුකරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *