ලැක්ටෝවත්ත පුපුරන ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් 6කට අධිචෝදනා ගොනු කරයි

අද නීතිපතිවරයා විසින් වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ නිවසක් ආශ්‍රිතව සොයාගත් පුපුරන ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව පුත්තලම් මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කර තිබේ.

සැකකරුවන්ට එරෙහිව සිදුකළ විමර්ශනවලින් අනතුරුව චෝදනා 14ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා ගොනුකළ බව වාර්තා වේ.

පුපුරන ද්‍රව්‍ය එකතු කිරීම සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදන මධ්‍යස්ථානයක් නඩත්තු කිරීම ඇතුළු චෝදනා ඊට ඇතුළත් වේ.

වනාතවිල්ලුව, මංගලපුර, කරඩිපූවල්හි ලැක්ටෝවත්ත ප්‍රදේශයේ නිවසක් ආශ්‍රිතව වළලා තිබියදී පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක්, සහ ඩෙටනේටර් 100 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, 2019 ජනවාරි මස 16 වැනිදා සිය භාරයට ගනු ලැබීය.

අධිචෝදනා ගොනුකළේ, මොහොමඩ් මුෆීස්, මොහොමඩ් හමාස්, ගෆූර් මාමා, ඊබ්‍රාහිම් සදීක් අබ්දුල්ලා, ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් සහ මොහොමඩ් සාජිඩ් යන පුද්ගලයින්ට එරෙහිවයි.

මෙහිදී ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක, දැනට මියගොස් සිටින සහරාන් හෂීම් සහ මොහොමඩ් හස්තුන්ට එරෙහිව ද අධිචෝදනා ගොනුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *