පවතින තත්වය මත එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යෑම අවදානම්

එළැඹෙන නත්තල් හා අළුත් අවුරුදු උත්සව සමයට සාප්පු සවාරිවල යෙදීම අවධානම් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේ හඳුනා නොගත් කොවිඩ් ආසාදිතයින් සමාජය තුල සිටිය හැකි බැවින් මහජනතාව මෙවර උත්සව සමය ඉලක්ක කර ගනිමින් සාප්පු සවාරියේ යෙදීමේදී වෛරසයට නිරාවරණය වීමේ අවධානමක් පවතින බවයි.
