ලංගම සහ දුම්රිය ප්‍රවාහන කටයුතු යළි අරඹයි

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ශ්‍රී ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කරනවා. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ හුදෙකලා කර වසාදමා ඇති ප්‍රදේශවලදී බස් රථ නැවතීම සිදු නොකිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව එම ප්‍රදේශවල දී බස් රථ තුලට මගින් නග්ගවා ගැනීම හා මගින් බැස්සවීම සිදු නෙවනු ඇත.

මේ අතර හෙට (16) දිනයේ සිට දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
එම දුම්රියන් හුදෙකලා කර ඇති ප්‍රදේශවල ඇති දුම්රිය ස්ථාන වල නොනවත්වා ධාවනය කෙරේ. එමෙන්ම කොළඹ කොටුව දක්වාද දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *