කොරෝනා පැතිරීම වැලැක්වීමට පොලිස් නිශ්කාෂණ වාර්තා Online ක්‍රමයට

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පොලීස් නිශ්කාෂණ (Report) වාර්තා විද්‍යුත් මාර්ග ගත ක්‍රමයට (Online) ක්‍රමයට පමණක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදිතයන් ලෙස හඳුනා නොගත් තැනැත්තන් සමාජය තුළ ගැවසෙමින් සිටිමේ ඉඩ ප්‍රස්ථාව බැහැර කළ නොහැකි බැවින් පොලිස් මුලස්ථානය මඟින් නිකුත් කරනු ලබන නිශ්කාෂණ වාර්තා විද්‍යුත් මාර්ග ගත ක්‍රමයට පමණක් නිකුත් කිරිම සඳහා කටයුතු කරනු ලබයි.

නිශ්කාෂණ වාර්තා අයඳුම්පත් බාර ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසා ‍කාර්යාලයේ ස්ථාපිත කර ඇති කාර්යාලය සති 2ක කාලයක් වසා තබනු ලබන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *