රුසියාව හා ජපානය ආසන්නයේ ප්‍රභල භූ කම්පනයක්

රුසියානු කුරිල් දූපත් වලට ගිනිකොන දෙසින් සහ ජපානයට උතුරින් ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපක 6.9ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාව කිලෝමීටර් 160 ක පමණ පොළොව අභ්‍යන්තරයෙන් සිදුවී ඇති බවටත් ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ උතුරු කෙළවරට උතුරින් මුහුදේ කේන්ද්‍ර වී ඇති බවත් ජපාන ජාතික කාලගුණ විද්‍යා ආයතනය වාර්තා කරයි. එක්සත් ජනපද ආයතනයට අනුව මෙම භූමිකම්පාවේ ගැඹුර කිලෝමීටර් 143 කි. මෙම භූමිකම්පාවෙන් තුවාලකරුවන් වාර්තා නොවී ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *